Skip to main content

Posts

Showing posts from June, 2025

බැංඩුං සමුලුවෙන් දශක හතකට පසුව

1955 දී ඉන්දුනීසියාවේ බැංඩුං නුවර පවත්වන ලද ඓතිහාසික අප්‍රිකානු-ආසියානු සමුලුවේ හැත්තෑ වන සංවත්සරය මෙම වසරට යෙදී තිබේ. ආසියානු හා අප්‍රිකානු මහාද්වීපවල රටවල් විසි නමයක් නියෝජනය කරමින් බැංඩුං සමුලුවට නියෝජිතයන් සහභාගි වූ අතර ඔවුන් අතරින් බොහෝ දෙනෙක් යටත් විජිත පාලනයෙන් අලුත නිදහස් වූ නව ස්වාධීන රටවල්වල අය වූහ. යටත්විජිතවාදයෙන් බැට කෑ ජාතින් අතර පුලුල් සමගියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙම සමුලුව තුල නියෝජිතයන්ගේ අවධානයට ලක්විය. යටත් විජිතවාදයට ගොදුරු වීමේ පොදු ඉතිහාසයක් තිබෙන රටවල්, තමුන්ගේ සාමූහික අභිලාෂයන් මුදුන්පත් කරගනු උදෙසා අන්‍යොන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට කියැවෙන අන්තර්-දක්ෂිණ සහයෝගීතාවය (south-south cooperation) පිලිබඳ අදහසේ සම්භවය ඓතිහාසික බැංඩුං සමුලුව දක්වා දිවයයි. ශ්‍රී ලංකාව ද බැංඩුං සමුලුවට සහභාගී විය. 1961 දී පිහිටුවන ලද නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය, බැංඩුං සමුලුවේ දී අවධාරණයට ලක් වූ තුන්වන ලෝකයේ රටවල් අතර සහයෝගීතාවය පිලිබඳ අදහස තවත් ඉදිරියට ගෙන ගියේය. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන 1960-1970 ගණන්වල ශ්‍රී ලංකාව එම ව්‍යාපාරයේ සක්‍රීය ...