1955 දී ඉන්දුනීසියාවේ බැංඩුං නුවර පවත්වන ලද ඓතිහාසික අප්‍රිකානු-ආසියානු සමුලුවේ හැත්තෑ වන සංවත්සරය මෙම වසරට යෙදී තිබේ. ආසියානු හා අප්‍රිකානු මහාද්වීපවල රටවල් විසි නමයක් නියෝජනය කරමින් බැංඩුං සමුලුවට නියෝජිතයන් සහභාගි වූ අතර ඔවුන් අතරින් බොහෝ දෙනෙක් යටත් විජිත පාලනයෙන් අලුත නිදහස් වූ නව ස්වාධීන රටවල්වල අය වූහ. යටත්විජිතවාදයෙන් බැට කෑ ජාතින් අතර පුලුල් සමගියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙම සමුලුව තුල නියෝජිතයන්ගේ අවධානයට ලක්විය. යටත් විජිතවාදයට ගොදුරු වීමේ පොදු ඉතිහාසයක් තිබෙන රටවල්, තමුන්ගේ සාමූහික අභිලාෂයන් මුදුන්පත් කරගනු උදෙසා අන්‍යොන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට කියැවෙන අන්තර්-දක්ෂිණ සහයෝගීතාවය (south-south cooperation) පිලිබඳ අදහසේ සම්භවය ඓතිහාසික බැංඩුං සමුලුව දක්වා දිවයයි. ශ්‍රී ලංකාව ද බැංඩුං සමුලුවට සහභාගී විය. 1961 දී පිහිටුවන ලද නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය, බැංඩුං සමුලුවේ දී අවධාරණයට ලක් වූ තුන්වන ලෝකයේ රටවල් අතර සහයෝගීතාවය පිලිබඳ අදහස තවත් ඉදිරියට ගෙන ගියේය. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන 1960-1970 ගණන්වල ශ්‍රී ලංකාව එම ව්‍යාපාරයේ සක්‍රීය ...
රෝ හණ විජේවීර ප්‍රමුඛ ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වූ පිරිසක් මූලික වී, ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කොට මෙම මැයි මසට වසර හැටක් සම්පූර්ණ වේ. මෙම සංවත්සරය ජනතා විමුක්ති පෙරමුණට සුවිශේෂීය. ඒ දශක ගණනාවක දුෂ්කර හා දීර්ඝ අභ්‍යාසයකින් අනතුරුව, මෙරට ආණ්ඩු බලය අල්වා ගෙන එම පක්ෂය විසින් සමරන පලමු පක්ෂ සංවත්සරය මෙය වීමයි. මෙරට ඉතිහාසයේ කිසිදු වාමවාදී පක්ෂයකට කළ නොහැකි වූ දෙය ; එනම් තනි ස්වාධීන බලවේගයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවීම ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ගොඩනගා තිබෙන ජාතික ජන බලවේගය විසින් සාක්ෂාත් කොට ගෙන තිබේ. පසුගිය දශක හයක ජවිපෙ ඉතිහාසය අපට ප්‍රධාන වශයෙන් යුග දෙකක් ඔස්සේ හඳුනාගත හැක. පලමු යුගය සමන්විත වන්නේ 1965 සිට 1990 දක්වා වූ අවධියෙනි. මෙම අවධිය තුල සන්නද්ධ අරගල දෙකකට ජවිපෙ නායකත්වය දුන් අතර, මෙම යුගය තුල ජවිපෙ ක්‍රියාත්මක වූයේ අන්තර්ජාතික වශයෙන් සෝවියට් සංගමය බලවත්ව පැවැති, සමාජවාදය පිලිබඳ අදහස ලෝක පරිමාණව ශක්තිමත් ලෙස තහවුරු වී තිබූ පසුබිමකය. දෙවන අවධිය 1990ට පසු යුගයයි. 1990ට පසුව යලි සංවිධානය වී, ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ධාරාව වෙත පැමිණි අතර ඉන්පසුව ඊට දේශපාලනය කරන්ට ස...